27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

අවුරුදු 20 සම්පූර්ණ ඕනෑම කෙනකුට බූස්ටර් එන්නත

Must read

වයස අවුරු 20 සම්පූර්ණ කළ ඕනෑම පුරවැසියකුට කොරෝනා එන්නතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ගත හැකි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් බූස්ටර් එන්නත ගත හැකි බව කියා සිටි ඒ මහතා, දෙවන එන්නත ගෙන මාස තුනක් ඉක්ම වූ පසුව මෙම එන්නත ගත හැකි බවද කියා සිටියේය. ෆයිසර් බයෝ එන්ටෙක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව තෙවන මාත්‍රාව ලෙස දීමට නිර්දේශ වී ඇති බව කියා සිටි ඒ මහතා එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ගන්නා ලෙස ජනතාවට දන්වා සිටී.

බූස්ටර් එන්නත නොගෙන විනෝද වුණොත් දෙසැම්බර් මාසේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට රට මුහුණ දීමට සිදුවණු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ වන විට බූස්ටර් එන්නත ගැනීමට නැවත ජනතාව අතර උනන්දුවක් ඇති වී තිබෙන බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. බූස්ටර් එන්නතේ ප්‍රගිතය ගැන දිනමිණ කළ විමසීමකට පිලිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

More articles

Latest article