31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කලාවැව ජාතික උද්‍යානයේ “භරණ“ ඇතා අභිරහස් ලෙස මියයයි

Must read

කලාවැව ජාතික උද්‍යානයේ සිටී “භරණ“ නම් දැඩි සංචාරක ආකර්ෂණයට ලක්ව සිටී ඇතා අභිරහස් ලෙස මියගොස් තිබේ.

මියගිය භරණ කලාවැව ජාතික උද්‍යානය හා ජාතික නාමල් උයන ආශ්‍රිතව නිරන්තරයෙන් සැරි සැරූ ඇතෙකි. මෙම ඇතා වයස අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවූ අතර දිග අඩි 4 දළ යුගලයකටද හිමිකම් කීවේය.

ඇතා මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇතා මිය යෑම් සම්බන්ධයෙන් ජාතික නාමල් උයන වනවාසී රාහුල හිමියෝ අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.

ගල්කිරියාගම වන සත්ව අඩවි ආරක්ෂක කාර්යලය හා ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

More articles

Latest article