25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ජීවන වියදම පාලනයට ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළේ මෙවර අයවැයෙන් – අමාත්‍ය බැසිල් රාජපක්ෂ

Must read

ජීවන වියදම පාලනය කිරීම් සදහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළේ මෙවර අයවැයෙන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර අයවැයෙන් ප්‍රකාශිත භාණ්ඩ හා සේවා බද්ද ක්‍රියාත්මක වන ආකාරය කඩිනමින් දැනුම් දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ බද්ද කුමන ප්‍රතිශතයන්ගෙන් අය කෙරෙන්නේ ද සහ බද්දෙන් නිදහස් භාණ්ඩ මොනවාද යන්න ඒ අනුව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

රාජ්‍ය සේවකයින් සඳහා තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව හෙතෙම එහිදී කියා සිටියේය.

More articles

Latest article