25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

මුදල් ඇමැති බැසිල් ඉන්දියාවේ සංචාරයක

Must read

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ තුළදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. ණය ගැනීමකින් තොරව වෙනත් ක්‍රමවේද හරහා රටට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේ අපේක්ෂාව වී තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ඒස් ජයශංකර් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

More articles

Latest article