30.1 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Must read

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 291ක් රැස් කිරීමට සමත් වුණි.

එහිදී ට්‍රැවිස් හෙඩ් පන්දු 65කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 70ක් රැස් කළේය.

ආරෝන් ෆින්ච් ලකුණු 62යි.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 49කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණි.

ඒ අනුව ලකුණු 292ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 48යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 42කදී දවා ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් වුණි.

අනතුරුව පැතුම් නිස්සංක සමඟින් පිටියේ එක් වු කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල සඳහා ලකුණු 170ක වාර්තාගත ලකුණු සබඳතාවයක් ගොඩනැගූ අතර ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් රැස් කරගෙන සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය.

එමෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සිය එක්දින ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට අද සමත් වූ අතර ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 137කි.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ජේ රිචඩ්සන් කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව තරග 5කින් සමන්විත ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරගාවලියේ මේ වන විට 2කට එකක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටී.

More articles

Latest article