31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

හම්බන්තොටට එන චීන නැව ගැන ඉන්දියාවේ අවධානය

Must read

හම්බන්තොට වරායට පැමිණීමට සැලසුම්කර ඇති චීන නැව සම්බන්ධයෙන් තමන් දන්නා බවත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් ඉන්දීය බලධාරීන් පවසයි.

පර්යේෂණ සහ ගවේෂණ යාත්‍රාවක්‌ වන “Yuan Wang 5” මේ වනවිට හම්බන්තොට බලා ගමන්කරමින් තිබෙන බව නාවුක යාත්‍රා සම්බන්ධ ගමන් මාර්ග දත්ත විශ්ලේෂණයෙන් පෙනීයන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම යාත්‍රාව අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක Arindam Bagchi පැවසුවේ, “ඉන්දියාවට ආරක්ෂක සහ ආර්ථික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නේ. රජය මේ වෙනදේ ගැන විමසිල්ලෙන් ඉන්නේ. ආරක්ෂාව සහ ආර්ථික කරුණු සඳහා යම් බලපෑමක් වුවහොත් ඒවා සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නවා,” යනුවෙනි.

“මම හිතන්නේ ඒක පැහැදිලි පණිවුඩයක්.”

නමුත් ඉන්දියාව ගනු ලබන්නේ කුමන ආකාරයේ පියවරයන්ද යන්න හෝ ඔහු ගේ පණිවුඩය කා වෙත යොමු කළේ ද යන්න ඔහු පවසා නොතිබුණි.

More articles

Latest article