31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

ජනපතිගේ ධනාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුවේ ධනාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් සිදුව තිබේ. ඒ අනුව යළිත් වරක් එම වර්ධනය පෙන්නුම් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව පසු කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඊයේ (04) දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී ඒකක 8,229.14ක් ලෙස සටහන් වී තිබෙන අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 149.00ක ඉහළ යෑමකි. එය සියයට 1.84ක වර්ධනයක් බව ද එම වෙළෙඳපොළ පෙන්වා දෙයි.

මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 91.62ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනය අවසානයේදී ඒකක 2,677.67ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 3.54ක වර්ධනයකි. රුපියල් බිලියන 3.79ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දින වාර්තා විය.

More articles

Latest article