30.2 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

රාජ්‍ය ආයතන වල සයිබර් ආරක්ෂාවට විශේෂ ප්‍රතිපත්තියක්

Must read

රාජ්‍ය ආයතන ඩිජිටල් පද්ධති මත කටයුතු කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින නමුත් තොරතුරු හා සයිබර් ආරක්ෂාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, යල් පැන ගිය තාක්ෂණ භාවිතය සහ රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂාව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නිපුණ කාර්යමණ්ඩල හිඟය හේතුවෙන් එම ආයතනවල තොරතුරු හා තොරතුරු තාක්ෂණ පද්ධති දැඩි අවදානමකට ලක්ව ඇත.

එම තත්ත්වය පාලනය කිරීම පිණිස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණ මූලෝපාය 2019-2023ට අනුගතව සහ පිළිගත් අන්තර්ජාතික තොරතුරු ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි රජයේ ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති කෙටුම්පත් කර තිබේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ “පොදු අධිකාරිය” ලෙස අර්ථ දක්වා ඇති සියලුම රාජ්‍ය ආයතන විසින් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.

ඒ අනුව, රජයේ ආයතන සඳහා යෝජිත තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදි.

More articles

Latest article