28 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 29, 2022

මහ බැංකු අධිපතිගෙන් මන්ත්‍රීවරුන්ට ආර්ථිකය ගැන සංවාදමය කථිකාවක්

Must read

“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මහ බැංකු අධිපතිවරයා මෙහෙයවන සංවාදමය කථිකාවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරිය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බව වාර්තාවෙයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කරන මෙම සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30වන අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගිවීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ඵලදායී කථිකාවක් සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම සංවාදමය කථිකාව සංවිධානය කොට ඇති බවද වැඩබලන මහ ලේකම්වරිය පැවසුවාය.

More articles

Latest article