30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරයේදී සැමවිටම චීනයේ සහාය

Must read

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරයේ දී සැමවිටම චීනය සහාය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම චීනය කිසිවිටෙකත් නොඉවසන බවය.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, “අපි එම සහාය දිගටම දෙනවා. නමුත් සමහර රටවල් – ළඟ පිහිටි හෝ දුරින් ඇති – විවිධ පදනම් විරහිත හේතු දක්වමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය පාගා දමමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරයි”.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිය ලබන මස ජිනීවා හීදී පැවැත්වෙයි.

එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

“මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආර්ථික හා මානුෂික අපහසුතා වලට මුහුණදෙමින් ඉන්නේ. සැමවිටම මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් බණ කියන රටවල් ඇත්තවශයෙන්ම කුමක් කරයිද කියලා දන්නේ නෑ.”

More articles

Latest article