32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

මෙරට චීන තානාපතිගේ ප්‍රකාශයකට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් පිළිතුරු

Must read

ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ සහයෝගය මිස වෙනත් රටක න්‍යාය පත්‍රයට සේවය කිරීම සඳහා අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම නොවන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව පිළිබඳ මෙරට චීන තනාපතිවරයා මෑතකදී සිදුකළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ, සහයෝගය මිස වෙනත් රටක න්‍යාය පත්‍රයට සේවය කිරීමට අනවශ්‍ය පීඩනයක් ඇති කරමින් අනවශ්‍ය මතභේද නිර්මාණය කිරීම නොවන බවය.

එමෙන්ම සිය ට්විටර් පණිවුඩය තුළ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් දක්වන්නේ, ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයා සිදුකරන ප්‍රකාශ කෙරෙහි ඉන්දියාවේ දැඩි අවධානයක් යොමු කර ඇති බවය.

මෑතකදී මෙරටට චීනයේ විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් යැයි කියවෙන නෞකාව පැමිණි අවස්ථාවේදි චීන තනාපතිවරයා එයට භූ දේශපාලනික සන්දර්භයක් ආරෝපණය කිරීම හරහා එම සංචාරයේ අරමුණ පැහැදිලි වූ බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එබැවින් අදාළ ප්‍රකාශ තුළ මුලික රාජ්‍ය තාන්ත්‍රික ආචාරධර්ම කඩවීමක් සිදුවන බවත් පුද්ගලික ස්වභාවය හෝ තම ජාතියේ ආකල්පය පිළිබිඹු කිරීමක් විය හැකි බවත් එම ට්විටර් පණිවුඩයේ සඳහන්ය.

More articles

Latest article