28 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 29, 2022

අර්බුදයෙන් ගොඩ යන්න චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

Must read

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දක්වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා පවසයි.

එක් රැයකින් මෙම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒමට නොහැකි නමුත් පවතින අර්බුදය දීර්ඝ කාලීනව පවතී යැයි තමන් විශ්වාස නොකරන බවත් ඒ මහතා කීවේය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පෙරේදා (27) අස්ගිරි සහ මල්වතු උභය මහා විහාරයන්ට ගොස් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

චීන රජයේ සහයෝගිතා ආධාර ප්‍රදානයට අමතරව චීන බෞද්ධ සංගමයෙන් විහාරස්ථාන හා බුදු දහමේ පුනර්ජීවනය උදෙසා ආධාර දීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයිද චීන තානාපතිවරයා කීවේය.

ඉකුත් කාලයේදී ශ්‍රී ලංකාව තුළ විවිධ වෙනස්කම් සිදුවූවත් ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය තුළ කිසිදු වෙනස්වීමක් සිදු නොවුණු බවත් දෙරටේ ද්විපාර්ශවීය සබඳතා අඛණ්ඩව පවත්වා ගන්නා බවත් තානාපතිවරයා පැවසීය.

මහනුවර චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති ශ්‍රාස්ත්‍රපති ගොඩගම ධම්මකිත්ති හිමියෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

More articles

Latest article