රජයට එරෙහිව විරෝධතාවන්හි නිරතවන අරගලකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් මැඬ පැවැත්වීම සඳහා මානසික රෝහල් භාවිත කරන බවට චීන රජයට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජයේ විවිධ ක්‍රියාකාරකම්වලට සහ දැඩි තීන්දු තීරණවලට විරෝධය දක්වමින් විරෝධතාවන්හි නිරතවන පුද්ගලයන්ට මනෝවෛද්‍ය ප්‍රතිකාර අනිවාර්ය කරමින් රජය මේ පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර කේන්ද්‍ර කරගත් එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මේ බව පළමුවරට හෙළිදරවු කර ඇති බවත්, වාර්තාවක් ද නිකුත් කර තිබේ. වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග කරනු ලැබු සම්මුඛ සාකච්ඡා පදනම් කරමින් මේ වාර්තාව සකස් කර ඇතැයි සඳහන් වේ. ඒ අනුව වසර 2015 සිට 2021 දක්වා වසර 6ක කාලය ඇතුළත එරට අරගලකරුවන් 99 දෙනකු අවස්ථා 144දී මානසික රෝහල්වල මනෝචිකිත්සක වාට්ටුවල සිර කර ඇතැයි වාර්තා වේ.
චීනය පුරා පළාත් 21ක මානසික රෝහල් 109ක් පිහිටා ඇති අතර, රජය විවේචනය කිරීම, දූෂිත නිලධාරියකු පිළිබඳ පැමිණිලි කිරීම, වීදි බැස විරෝධතාවේ නිරත වීම වැනි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් එවැනි මානසික රෝහලේ රැඳවුම් භාරයේ තබමින් මනෝවෛද්‍ය ප්‍රතිකාර දීමට කටයුතු කර ඇතැයි එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.