27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කොටස් වෙළෙඳපොළ යළි හිස ඔසවයි

Must read

දින පහක පමණ කාලයක් අඛණ්ඩව පසුබෑමට ලක්ව තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ සාධනීය යෝජනා රැසක් ඇතුළත් අතුරු අය වැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ යළිත් වරක් වර්ධනයක් කරා ගමන් කිරීමට සමත්ව තිබේ.

ඒ අනුව ඊයේ (31) දිනය අවසාන වන විට එම වර්ධනය කරා ගමන් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබෙන අතර, එය මෙරට ආර්ථිකය කෙරෙහි ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා බෙහෙවින්ම ඉවහල් වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පෙන්වාදෙයි.

ඒ අනුව ඊයේ (31) දින ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,071.32ක් ලෙස සටහන්ව පැවති අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 205.92ක වර්ධනයකි. ඊට අමතරව එය සියයට 2.32ක වැඩි වීමක් බවද එම වෙළෙඳපොළ කියා සිටී.

මේ අතර S&P SL 20 මිල දර්ශකය ඊයේ දින දෛනික ගනුදෙනු අවසානයේ ඒකක 2,928.97ක් ලෙස සටහන්ව තිබෙන අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 66.22ක ඉහළ යෑමකි. සමස්තයක් ලෙස එය සියයට 2.31ක වර්ධනයකි.

මේ අතර ඊයේ (31) දිනය අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.25ක අගයක් ගෙන තිබිණි.

More articles

Latest article