31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ජනපති නිවෙසට ගිනි තැබීම: කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමඟේ පිහිටි පෞද්ගලික නිවෙසට ගිනි තැබීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැපිටල් මහරාජා සමාගමේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතාගෙන් ඊයේ (01) ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පැය 05ක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කෙරුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. ඉදිරියේදී කැපිටල් මහරාජා සංවිධානයේ තවත් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අගෝස්තු 16 දා මේ සම්බන්ධයෙන් කැපිටල් මහරාජා සමාගමේ සභාපති ශෂී මහේන්ද්‍රන් මහතාගෙන්ද පැය 07ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

More articles

Latest article