32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණයට ඒකකයක්

Must read

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට පෙරේදා (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

රජය සතු වාණිජ ව්‍යාපාරයන්හි කාර්යසාධනය දීර්ඝ කාලයක් තිස්සේ සතුටුදායක තත්ත්වයක නොපවතින හෙයින් ඇතැම් ව්‍යාපාර විවිධ හේතූන් මත අඛණ්ඩව පාඩු ලබමින් සිටියි.

මේ තත්ත්වය මහා භාණ්ඩාගාරයට දැඩි පීඩනයක් ඇති කිරීමට හේතු වී ඇති හෙයින් එවැනි ව්‍යාපාර කාර්යක්ෂම හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුව ඇති බව හඳුනාගෙන තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

More articles

Latest article