30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය වසාදැමීමට තීරණය කරයි

Must read

නෝර්වේ රජය විසින් විදේශයන්හි පවතින එරට තානාපති කාර්යාල ජාලය ආශ‍්‍රිතව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

මෙම ප‍්‍රතිසංස්කරණයෙහි කොටසක් වශයෙන් කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය ද ඇතුළුව නෝර්වේජියානු තානාපති කාර්යාල පහක් 2023 ජූලි මස අග වනවිට ස්ථිර වශයෙන් වසා දැමීමට ද තීරණය කර ඇත.

නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වන පරිදි, යුරෝපයේ සහ වෙනත් රටවල ක‍්‍රියාත්මක වන නෝර්වේජියානු තානාපති කාර්යාල කිහිපයක් සවිගැන්වීමද ඊට ඇතුළත් වේ.

මේ අතර දැනට මාලදිවයින සම්බන්ධ වගකීම්ද පැවරී ඇත්තේ කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයටය.

නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමූවද දෙරට අතර මිත‍්‍රශීලී හා ඵලදායී සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය ඉදිරියටත් කැපවී කටයුතු කරනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.

More articles

Latest article