32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

චීනයේ කොවිඩ් රෝගී බස් රථයක් පෙරළී 27ක් මරුට

Must read

චීනයේ නිරිතදිග පළාතේ Guizhou හි නිරෝධායනය මධ්‍යස්ථානයක් සඳහා රැගෙන යමින් සිටි කොවිඩ් ආසාදිතයන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තවත් 20 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධිවේගී මාර්ගයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුර සිදුවී ඇතැයි සදහන් වේ.

ඉරිදා අලුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 47 දෙනෙකු බස්රථයේ සිට ඇත. මේ වසරේ එරට සිදුවූ මාරක රිය අනතුර මෙය ලෙස ද බලධාරීන් සදහන් කර තිබේ.

අනතුරට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවති.

More articles

Latest article