33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

73 වැනි චීන ජාතික දිනය සමරමින් “මිත්‍රත්වය සමඟ සෙනෙහස” අරඹයි

Must read

ශ්‍රී ලංකාවට චීනයේ අඛණ්ඩ සහයෝගය දෙන බව චීන තානාපති ෂී චොංහොං මහතා “මිත්‍රත්වය සමඟ සෙනෙහස” සමාජ සුභ සාධන ව්‍යාපෘතිය අරඹින් කියයි.

73 වැනි චීන ජාතික දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මඟින් සංවිධානය කරන ලද “මිත්‍රත්වය සමඟ සෙනෙහස” සමාජ සුභ සාධන ව්‍යාපෘතිය යටතේ දීපව්‍යාප්තව රෝද පුටු, අත්වාරු, රුධිර පීඩන මාන, ප්‍රථමාධාර කට්ටල, ගෘහ උපකරණ, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පරිත්‍යාග කරන වැඩසටහන යටතේ වියළි ආහාර ද්‍රව්‍ය අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දීමේ සමාරම්භක අවස්ථාව පසුගියදා (27) මාලබේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරධිතයා වශයෙන් සහභාගි වූ මෙරට සිටින චීන තානාපති ෂී චොංහොං මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ චීනය හැකි සෑම සහායක්ම ලබා දෙන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී චීනය එහි සාමාජිකයකු වන බැවින් ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබා දීමට චීනය නිරන්තරව කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙම පරිත්‍යාග සඳහා අනුග්‍රහය සාමය හා සංවර්ධනය සඳහා වන චීන මිත්‍රත්ව පදනම (China Friendship Foundation for Pease and Development) විසින් දක්වන ලදි.

More articles

Latest article