32 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

කෝප් කමිටුවේ සභාපති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාරට

Must read

පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබෙනවා. ඒ, සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදීයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරට ඡන්ද 15 ක් ලැබී තිබුණා. ඔහුගේ ප්‍රතිවාදියාවූ වූ එරාන් වික්‍රමරත්නට ලැබී තිබුණේ ඡන්ද 07 ක් පමණයි. මීට පෙර එම තනතුර දැරුවේ මහාචාර්ය චරිත හේරත් විසින්. රාජ්‍ය ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නිතරඟයෙන් ඊයේ පත්වුණා.

More articles

Latest article