21 C
Colombo
ඉරිදා, ජනවාරි 29, 2023

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගැන චීනය සාකච්ඡා කරයි

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට චීන තානාපති චී ෂෙංහොං අතර (25) හමුවක් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගැන එහිදී දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා වී තිබේ.

චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවය.

චීනය පිළිබඳව විදෙස් මාධ්‍ය හරහා පළ වන අසත්‍ය තොරතුරු හෙළාදකින බවද චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.

More articles

Latest article