29 C
Colombo
සඳුදා, මාර්තු 27, 2023

ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන චීනය සමඟ සාකච්ඡා අවසන් අදියරට

Must read

ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා මේ වන විට අවසාන අදියරට පැමිණ ඇති බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත චීනයේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලැබෙන ඇති බවට බලාපොරොත්තු වන බවටත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පවසයි. අද (20) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා,

“අපිට විස්තරාත්මක පිළිතුරක් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධව මේ වෙලාවේ ලබා දෙන්න විදියක් නැහැ පවතින නීතිමය තත්ත්වයන් හින්දා. ඉන්දියාව විසින් අපේ දීර්ඝ කාලීන මිතුරෙක් විදියට, ඉන්දියාවේ සහයෝගය ඒගොල්ලෝ IMF ආයතනනයට දන්වලා තියෙනවා. ණය ප්‍රතිව්‍යූහගතකිරීමේ දී ශ්‍රී ලංකාවේ ඉස්සරහට එන IMF programme එක සඳහා සහයෝගය දෙන්න සූදානම් කියලා.“

“එතකොට චීනය සම්බන්ධව සාකච්ඡා මං හිතන්නේ අවසාන මට්ටමේ තියෙන්නේ. පසුගියදා අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදියට චීන එක්සිම් බැංකුවේ සභාපතිවරයාත් එක්ක සාකච්ඡාවකත් නිරත වුණා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් දවස් කිහිපයක් ඇතුළත චීනයේ සහතිකයත් IMF එකට ලැබෙයි කියලා.“

“ඒත් එක්කම අනෙකුත් ද්විපාර්ශවික රටවල්වල සහයෝගයත් IMF එකට ලැබුණු ගමන්ම ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ programme එක IMF Board එකට ගෙනිහිල්ලා ඒක සම්මත කරලා ඊට පස්සේ අපිට මේ programme එක implement කරන්න.“

More articles

Latest article