28 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉල්ලා අස් වෙයි

Must read

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (25) කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබේ.

චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම සඳහා ඊයේ (25) රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟ චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසම සඳහා පත් කෙරිණි. මැතිවරණ කොමිසම තුළ බෙදීමක් ඇති බව මීට ඉහත වාර්තා විය. නමුත් කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ එවැනි බෙදීමක් නොමැති බවයි.

චාල්ස් මහත්මියගේ ඉල්ලා අස් වීමෙන් කොමිසම තුළ බෙදීමක් ඇතැයි තහවුරු වන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.

More articles

Latest article