25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

කොවිඩ් මරණ යළි ඉහළ යෑමේ අවදානමක් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

Must read

කොවිඩ් වයිරසය ආසාදිත මරණ යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඩ් මරණ 29ක් (25) වාර්තා වූ බවත් එම සංඛ්‍යාව නොසලකා හැරි නොහැකි සංඛ්‍යාවක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තා වීම අවම වුවත් වයිරසය සම්බන්ධයෙන් සැහැල්ලුවෙන් සිතිය නොහැකි යැයි ද හෙතෙම කීය.

එම නිසා අනිවාර්යයෙන්ම මහජනතාව කොවිඩ් වයිරසයේ පවතින භයානකකම සලකා කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම අමතක නොකළ යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

පෙරේදා (25) වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව අතරට වයස අවුරුදු 30 ට අඩු එක් මරණයක් ද, වයස අවුරුදු 30 ත් 60 ත් අතර 6 ක් ද, වයස අවුරුදු 60 ට ඉහළ පුද්ගලයන් 22 ක් ද එක්ව ඇති බවත් කාන්තාවන් 17 ක් සහ පුරුෂයන් 12 ක් මේ අතර වන බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

More articles

Latest article