29 C
Colombo
බදාදා, මැයි 22, 2024

පොදු ස්ථානවලට යන්න එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අවධානය

Must read

පොදු ස්ථාන, වෙළෙඳසල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට රැස් වූ කොවිඩ් මර්දන කමිටුව තීරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කමිටුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත් වූ සාකච්ඡාවේදී එම තීරණයට එළැඹ තිබේ. එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කළහ. පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය ද ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක් කෙරිණි. කොවිඩ් මරණ අනුපාතය සහ ආසාදිතයන් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙස උපදෙස් දුන්නේය. මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ද සහාය ඒ සඳහා ලබා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබීය.

More articles

Latest article