26 C
Colombo
සඳුදා, මාර්තු 20, 2023

පාස්කු වාර්තා අධ්‍යයනය කළ අමාත්‍ය අනුකමිටු අවසන් වාර්තාව ජනපතිට

Must read

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කරු‍‍ණු සෙවූ ජනා‍ධිපති පරීක්‍‍ෂණ කොමිසන් සභාවේ වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්‍ෂාව පි‍‍ළිබඳ ආංශික අධීක්ෂ‍ණ කාරක සභාවේ වාර්තාව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කෙරුණු අමාත‍්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එහි ස‍භාපති චමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති  කාර්යාලයේදී අද (5) පස්වරුවේ  බාරදෙනු ලැබීය.

මෙම අමාත‍්‍ය මණ්ඩල අනුකමිටුව ජනා‍ධිපතිවරයා විසින් පසුගිය පෙබරවාරි මස 19 වැනිදා පත් කරනු ලැබීය. කමිටු වාර්තාව මාර්තු 15 වැනි දාට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබු‍ණ ද වැඩිපුර විමර්ශන සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගතතේය.

More articles

Latest article