27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

කොවිඩ් අර්බුදය මැද අර්ථසාධකයේ වත්කම කෝටි 310,000 ඉක්මවයි

Must read

කොවිඩ් අර්බුදය මැදත් මෙරට විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ වත්කම රුපියල් කෝටි 310,000 (රු.බිලියන 3100) ඉක්මවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

වසර 2020 මුල් මාස 8 නිමා වන විට රු.කෝටි 271,440 ක් වූ සේවක අර්ථසාධක අරමුදලේ වත්කම මෙලෙස මේ වසරේ මුල් මාස 8 නිම වන විට රු.කෝටි 310,000 දක්වා වැඩිවීමට සමස්ත දායක මුදල් ලැබීම්වල ඉහළ යෑම හේතු වූ බව මහ බැංකුව කියයි. මෙලෙස රු.ට්‍රිලියන 3.1ක වත්කම් පදනමක් සහිතව ඉදිරියට ආ සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත දායක මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 10,100ක් දක්වා සියයට 2.3කින් මේ වසරේ මුල් මාස අටේදී වර්ධනය වී ඇතැයි ද මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ දැක්වේ. “මෑතකාලීන අර්ථික ප්‍රවණතා 2021 සුවි‍‍ශේෂ සිදුවීම් සහ 2022 අපේක්ෂා” වාර්තාවට අනුව වසර 2020 මුල් මාස අටට සාපේක්ෂව මේ වසරේ (2021) මුල් මාස අටේදී ප්‍රතිලාභ ආපසු ගෙවීම සියයට 2.3කින් අඩු වී ඇත. ඒ සඳහා වැය වූ මුදල රුපියල් කෝටි 7200ක් වේ.

සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත ආයෝජක මුදල රුපියල් කෝටි 303,790ක් වේ. මේ සමස්ත ආයෝජනයෙන් සියයට 93.7ක් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබීම විශේෂත්වයකි.

More articles

Latest article