27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

මහ බැංකුවේ නියෝග නොතකන ආයතනවලට එරෙහිව දැඩිව නීතිය

Must read

විදේශ හුවමාරු කිරීමේදී තමන් දෙන නියෝග ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන ආයතනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වෙයි.

මහ බැංකුව නිකුත් කර ඇති නියෝගවලට පටහැණිව කටයුතු නොකරන්නේ නම් එම ආයතනවල බලපත්‍ර අහෝසි කරන බව මහ බැංකුව කියයි.

ඒ අනුව වෙන්නපුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් සංකීර්ණයේ නිව් නටාෂා පුද්ගලික සමාගම, හලාවත පාර ජෝර්ජ් මයිකල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම, කොළඹ 6 ගාලු පාරේ රෝයල් මනී එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සහ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම යන ආයතන හතරට මහ බැංකුව විසින් මේ බව දැනුම් දී තිබේ.

නියමිත කාලසීමාවක් තුළ මුදල් ඇමැතිවරයා දැනුවත් කර අදාළ විධානයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස ද මහ බංකුව එම සමාගම්වලට දැනුම් දී ඇත. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම්වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන් එම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ බලය ලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවය.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ මුදල් හුවමාරුකරුවන් හට ලබාදෙන අනුපාතවලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනු-දෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නැති බවය.

More articles

Latest article