25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ඉකුත් සැප්තැම්බර් මාසයේ කොවිඩ් මධ්‍යයේත් ඩොලර් කෝටි 100 ඉක්මවූ අපනයන ආදායමක්

Must read

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ යම්කිසි පසුබෑමක් පැවතිය ද අඛණ්ඩව සිවුවැනි වරටත් අමෙරිකානු ඩොලර් කෝටි 100 ඉක්මවා ගිය අපනයන ආදායමක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී අඛණ්ඩව සිවුවැනි වරටත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,031ක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 1,000ක අපනයන ආදායමට සාපේක්ෂව සියයට 3.1ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දෙයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ ඩොලර් මිලියන 8,934ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයාගෙන තිබෙන අතර, එය පසුගිය වසරේ එම කාලයේ දී උපයාගත් ඩොලර් මිලියන 7,445ක් වූ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 20ක වර්ධනයක් බවද මහ බැංකුව සඳහන් කරයි.

More articles

Latest article