24 C
Colombo
සඳුදා, ඔක්තෝබර් 2, 2023

ඛනිජ වැලි කැණීම සහ අපනයනය පිළිබඳ අමාත්‍ය අනුකමිටුව රැස්වෙයි

Must read

ඛනිජ වැලි ගවේෂණය කිරීම, කැණීම සහ අපනයනය පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම වෙනුවෙන් පත් කරන ලද අමාත්‍ය අනු කමිටුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ , ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ජාවේදී මෙරට භූගත ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම, බලපත්‍ර නිකුත් කිරීම සහ අපනයනය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. භූගත ඛනිජ සම්පත්වල පූර්ණ අයිතිය රටට ලබාගැනීමේ වැදගත්කම මෙන්ම ඒවා අමුද්‍රව්‍ය ලෙස අපනයනය නොකර අගය එකතු කොට අපනයනය කිරීමේ වැදගත්කම ද මෙම අනුකමිටුවේදී විශේෂ අවධානය යොමුකොට සාකච්ජාවට බදුන් විය

More articles

Latest article