30 C
Colombo
සඳුදා, අගෝස්තු 15, 2022

සිංහරාජයේ වැව් දෙකක් ඉදිකිරීම සම්බන්ධව සිදුකළ ප්‍රකාශය ගැන ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීමක්

Must read

හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාම සඳහා ජලය එක්රැස් කරගැනීමට මෙම වැව් ඉදි කරන බවත් ඒ සඳහා සිංහරාජ වනාන්තරයේ මෙම වැව් ඉකිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින නිසා අදාළ අංශ සමඟ ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර සිටින ලදී. පසුව ඒ සම්බන්ධව ඒල්ල වූ විරෝධයට පිළිතුරු දෙමින් වැව් ඉදිකිරීමට ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ඒම නිවේදනය පහතින්,

ජලය මූලික අවශ්‍යතාවයක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය අනුව පිරිසිදු ජලය, පිරිසිදු වාතය, ජනතාව‍ගේ හිමිකමක්. ඒ වෙනුවෙන් ඕනෑම රටකට, රජයකට යම් යම් පියවරයන් ගන්න සිදු වෙනවා. යෝජනා ගේනවා. ව්‍යාපෘති හදනවා. ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනා, අදහස් අතර ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් – බැරි දේවල් තියෙන්න පුළුවන්.ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපි බැඳිලා ඉන්නවා.ඒ ඔක්කෝටඩම වඩා අපගේ හෘද සාක්ෂිය එක්ක බැඳිලා තියෙනවා.

ගිං – නිල්වලා ගංගා පිටාර යාම, දකුණු පළාතේ ජනතාවගේ පානීය ජලයට කරදිය මිශ්‍ර වීම, මාතර සහ හම්බන්තොට ජනතාව උග්‍ර පානීය ජල හිඟයෙන් පීඩා විඳීම පිළිබඳව අවුරුදු 100කටත් වඩා කාලයක් තිස්සේ අර්බුද තියෙනවා. මේ සඳහා රජයයන් කිහිපයක් වසර 90කට අධික කාලයක් තිස්සේ සැලසුම් කරපු, හදාරපු යෝජනාවක් තමයි ගිං – නිල්වලා ජල ව්‍යාපෘතිය.

මාතර ජල ගංගා පිටාර ගොස් උග්‍ර ජල ගැලුම් තත්ත්වය පාලනය කිරීම සහ හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කවල (ගිනිකොණ ශ්‍රී ලංකාවට) පානීය ජල පහසුකම් ලබා දීම සඳහා මෙම ගිං – නිල්වලා ජල ව්‍යාපෘති යෝජනාව මුලින්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන එන්නේ වාමාංශික නායකුයෙකු වන දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මැතිතුමා 1936 දී.

එහි අධ්‍යයනය කටයුතු දිගින් දිගටම සිදු වෙනවා. ඒ අතරතුර 1968 දී එවකට ඩඩ්ලි සේනානායක රජය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යයනය කරනවා. නැවත යටපත් වෙනවා. 70 දශකයේ දී ගිං- නිල්වලා ගංගා දෙකට අමතරව කළු ගඟත් එකතු කොට ත්‍රිත්ව ගංගා ද්‍රෝණි අධ්‍යයනයක් කරනවා. නැවත ගිං- නිල්වලා – කළු ගංගාවල ජල ගැලුම් තත්ත්වය වැඩි වීම සහ කරදිය මිරිදියට එකතු වීම මත විශාල පරිසර හානි හා ජලහානි සිදුවෙනවා.

90 දශකය ආරම්භයේ දී රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ගිං-නිල්වලා ව්‍යාපෘතිය වහාම ආරම්භ කරන්න තීන්දු ගන්නවා. 2005 රජය ඒ සඳහා පාරිසරික අධ්‍යයනය කටයුතු පිළිබඳ අවධානය යොමු කරනවා. 2010 දි එය ජාතික සංවාදයක් බවට පත් වෙනවා. 2014 දි ආරම්භ කොට 2020 වසරෙදි අවසන් කරන්න යෝජනා වෙනවා.

රජය පෙරළීම නිසා එය යටපත් වෙනවා. 2018 දි එවකට රජය නැවත ආරම්භ කිරීම සඳහා කටයුතු යොදනවා.

මේ වන විට පරිසර සහ ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතිනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ එම ව්‍යාපෘති යෝජනාවන් අතර සිංහරාජ රක්ෂිතය තුළ වැව් දෙකක් හදන්න යෝජනා වෙලා තියෙනවා.සිංහරාජය ලෝක උරුමයක්. ඒ තුළ යමක් කරනවා නම් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයෙන් විමසා අනුමැතිය ගත යුතුයි. ඒ නිසා යුනෙස්කෝ සංවිධානය ඊට අවසර නොදුන්නොත් – තවත් අවුරුදු 20ක් ගත වෙන හෝ විකල්ප විසඳුමකට යා යුතුයි. ඒ නිසා යුනෙස්කෝ සංවිධානයේ තීන්දු තීරණවලට පිටින් අපට වැඩ කරන්න බෑ.

අපි රක්ෂිත කැලෑ – වනෝද්‍යාන තුළ වැව් හදනවා. දැන් දශක කිහිපයක් තිස්සේ මොකද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා සතුන්ගේ ජල පරිභෝජනයට අවශ්‍ය වැව් ප්‍රමාණය – මිනිසුන්ට වගේම සතුන්ටත් ජලය අත්‍යවශ්‍ය සාධකයක්.කුමන, උඩවලව රක්ෂිත කැලෑ තුළ, වනෝද්‍යාන තුළ වැව් විශාල ප්‍රමාණයක් හදලා තියෙනවා.

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ සතුන්ගේ අවශ්‍යතා සඳහා කැලෑ තුළ වැව් 500ක් හදන්න මුදල් වෙන් වෙනවා. දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැව් 143ක ලැයිස්තුවක් දාලා තියෙනවා. දැනට අප විල්පත්තුව වනය තුළ අධ්‍යයනය  කරනවා. ජලය උදෙසා වන සතුන් ගම් වැදීම මේ නිසා අවම වෙන්වා. ඒ දේවල් කරන්නෙත් වනජීවී, පරිසර අනුමැතිය අනුවය.

More articles

Latest article