26 C
Colombo
සෙනසුරාදා, සැප්තැම්බර් 30, 2023

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර

Must read

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත පමණක් අවසර ලැබෙන බව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණ කිරීමත් සමඟ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට නිකුත් කර තිබූ සියලුම බලපත්‍ර අවලංගු විය.

කෘෂි රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙම් තහනම් කළ ද කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි යටතේ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 6 වැනිදා 2226/48 දරන ගැසට් පත්‍රයෙන් මේ සම්බන්ධව නිවේදනය කර තිබේ.

More articles

Latest article