31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

චීනය විසින් බ්‍රිතාන්‍යයේ ඇතැම් පුද්ගලයන් හා ඒකක වෙත සම්බාධක පනවයි

Must read

අසත්‍ය හා ගොතන ලද තොරතුරු පදනම් කර ගෙන බ්‍රිතාන්‍යය චීන ෂින්ජිං උයිගුර් ජාතික ස්වායත්තයේ ඊනියා මානව හිමිකම් ප්‍රශ්නය මුවාවෙන් චීනයේ ඇතැම් පුද්ගලයන් හා ඒකක වෙත ඒකපාර්ශ්වික සම්බාධක පනවමින් චීන අභ්‍යන්තර කටයුතු වලට බලවත්ව මැදිහත් විය.

ඒ සම්බන්ධයෙන් අසත්‍ය හා ගොතන ලද තොරතුරු පැතිරූ බ්‍රිතාන්‍ය ජාතිකයන් නව දෙනෙකු හා ඒකක 4ක් වෙත සම්බාධක පැනවීමට චීනය තීරණය කළ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව අද (26) පැවසීය.

චීනය සිය ජාතික ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන ප්‍රතිලාභ රැක ගැනීමේ අධිෂ්ඨානයයේ දැඩිව එල්බ සිටී. බ්‍රිතාන්‍යය වැරදි මාර්ගයේ තවදුරටත් ගමන් කළහොත් චීනය තවදුරටත් ස්ථීර ප්‍රතිචාර දක්වනු ඇතැයි ද ප්‍රකාශ කර ඇත.

සම්බාධක පැනවූ පුද්ගලයන් හා ඒකක ලැයිස්තුව පහත දැක්වේ:

  • Tom Tugendhat
  • Iain Duncan Smith
  • Neil O’Brien
  • David Alton
  • Tim Loughton
  • Nusrat Ghani
  • Helena Kennedy
  • Geoffrey Nice
  • Joanne Nicola Smith Finley
  • චීන පර්යේෂණ කණ්ඩායම
  • කොන්සර්වේටිව් පක්ෂයේ මානව හිමිකම් කොමිසම
  • බ්‍රිතාන්‍යයේ උයිගුර් අධිකරණය
  • Essex Court Chambers නමැති නීති උපදේශන මණ්ඩලය

More articles

Latest article