25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

චීනයෙන් ‘සිනොෆාම්’ එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක්

Must read

චීන රජයේ ප්‍රදානයක් ලෙස, එරට නිෂ්පාදිත ‘සිනොෆාම්’ නමැති කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබන මාර්තු 31 වැනිදා මෙරටට ලැබීමට නියමිතය.

එසේ ලැබෙන එන්නත්වලින් සියයට 1 ක්, ශ්‍රී ලංකාවේ වාසය කරන චීන ජාතිකයන්ට ලබා දෙන මෙන්, චීන රජය ඉල්ලීමක් කර ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

‘සිනෝෆාම්’ යනු චීන රජයට අයත් ‘බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන ආයතනය නිපදවා ඇති එන්නතය. මෙම එන්නත මේ වනවිටත් රටවල් කීපයක භාවිතයට ගැනෙයි.

‘සිනෝෆාම්’ එන්නත භාවිතයට ගෙන ඇති පළමු යුරෝපා රට ලෙස සැලකෙන්නේ සර්බියාවය.

‘සිනෝෆාම්’ එන්නත සියයට 79 ක් සාර්ථක යැයි පැවැසෙයි.

More articles

Latest article