31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

චීන ආර්ථිකයේ ස්ථාවර ප්‍රකෘතිමත්වීමක්

Must read

චීනය, වසරේ පළමු කාර්තුවේ ජාතික ආර්ථික ක්‍රියාකාරීත්වයට අදාළ දත්ත නිකුත් කර ඇත. ඒ අනුව, එම කාලසීමාව තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදන වටිනාකම, පසුගිය වසරේ පළමු කාර්තුවේ පැවති අගයට වඩා 18.3%කින් වර්ධනය වී ඇත. නව කොරොනා වසංගතයේ බලපෑමෙන් පසුගිය වසරේ පැවති එම වටිනාකම තරමක් අඩුවීම, සම්ප්‍රදායික නව අවුරුදු සමය තුළ ගම්බිම්වලට යාමෙන් තොරවීම සහ රාජකාරී දින ගණන වැඩිවීම යන සාධක ඊට හේතුවී තිබේ.

එමෙන් ම, පළමුවැනි කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදන වටිනාකම පසුගිය වසරේ සිව්වැනි කාර්තුවට වඩා 0.6%ක වර්ධනයකි. ගත වූ වසර 2 තුළ, එම වටිනාකම දළ වශයෙන් 5.0%ක වර්ධනයක් පෙන්නුම් කෙරිණ. චීන ආර්ථිකය ස්ථාවර ලෙස පුනරුත්ථාපනය වී ඇතැයි ඉන් සනාථ වී තිබේ.

More articles

Latest article