25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

චීනය කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 74කට වැඩි ප්‍රමාණයක් ලබා දී අවසන්

Must read

මේ වනවිට චීනය පුරා කොරොනා එන්නත් මාත්‍රා මිලියන 74කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත. චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක Mifeng මහතා චීන රාජ්‍ය මණ්ඩලයේ කෙරොනා ඒකාබද්ධව පාලනය කිරීමේ යාන්ත්‍රණය පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

වැදගත් කණ්ඩායම් එන්නත් කිරීමේ කටයුතු යහපත් ලෙස සිදු කෙරෙමින් පවතී.චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ රෝග පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරී He Qinghua මහතා පැවසුවේ චීනය දේශීය වශයෙන් වසංගතය ඵලදායිකව පාලනය කළද වසංගතය ලෝකයේ තවදුරටත් පැතිරයමින් පවතින බවයි.

කොරෙනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් එන්නත් කිරීම ඵලදායික ම ක්‍රමයකි. ‍සක්‍රීය ලෙස එන්නත් ලබා ගැනීම සිදුකරන ලෙස ඔහු ජනතාව‍ගෙන් ඉල්ලා සිටියේය.

චීන රජය හදිසි තත්ත්වය හා අවශ්‍යතාවට අනුව දැනුම් දීම, අනුමැතිය ලබා ගැනීම, ස්වේච්ඡාවෙන් ලබා ගැනීම හා නොමිලේ එන්නත් කිරීම සුරක්ෂිතව ප්‍රවර්ධනය කරනු ඇත. එමගින් ජන කණ්ඩායම් ආවරණය ක්‍රමයෙන් විශාල කරන බව He Qinghua මහතා පැවසීය. එමෙන්ම වර්තමාන නිෂ්පාදන තත්ත්වයට අනුව මේ වසරේ චීනයේ එන්නත් නිෂ්පාදන ප්‍රමාණය සියළු චීන ජාතිකයන්ගේ අවශ්‍යතාවන් ආවරණය කළ හැකි ය.

More articles

Latest article