27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

දෙනෙත් සුරකින ලෙසින් සොබාදහම සහ පරිසරය ආරක්ෂා කළ යුතුයි – චීන ජනපති

Must read

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගියදා බෙයිජිං නගරයේ සිට වීඩියෝ ආකාරයෙන් දේශගුණික නායක සමුළුව ඇමතීය.

ගෝලීය පාරිසරික පාලනයේ මෙතෙක් අත් නොවිඳි දුෂ්කරතාවලට මුහුණ දීමේදී, ජාත්‍යන්තර ප්‍රජාව පෙර නොවූ විරූ අභිලාෂයන් සහ ක්‍රියාමාර්ග භාවිත කර, මානව හා ස්වාභාවික ජීවිත ප්‍රජාවක් එක්ව ගොඩනගා යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

මිනිසුන් ස්වභාවධර්මයට ගරු කළ යුතුය. දෙනෙත් සුරකින ලෙසින් සොබාදහම සහ පරිසරය ආරක්ෂා කළ යුතු අතර, මිනිසා සහ සොබාදහම අතර සාමකාමී සහජීවනයේ නව රටාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බව හෙතෙම පැවසීය. පරිසරය ආරක්ෂා කිරීම යනු නිෂ්පාදන ඵලදායිතාව ආරක්ෂා කිරීමය.

පරිසරය වැඩිදියුණු කිරීම යනු නිෂ්පාදන ඵලදායිතාව වැඩිදියුණු කිරීමය. යහපත් පරිසරය ගෝලීය ආර්ථිකයේ හා සමාජයේ තිරසර සංවර්ධනයට සහායක් බවට පත් කළ යුතුය. පරිසර පද්ධතියේ අභ්‍යන්තර නීතිවලට අනුකූලව පාරිසරික සමතුලිතතාවය පවත්වා ගත යුතු බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

More articles

Latest article