දිස්ත්‍රික්ක පහකට ග්‍රාම නිලධාරි වසම් 16කට අයත් ප්‍රදේශ අද අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ගම්පහ,කළුතර, අම්පාර, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම සේවා වසම් 16ක් හුදකලා කර ඇතැයි ද වාර්තා වෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පොලිස් වසමේ,ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A කේ සී සිල්වා 70 B, කටාන පොලිස් වසමේ , කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය වත්තල පොලිස් වසමේ ,සේදවත්ත – මහ පමුණුගම කොටස,කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ, නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ ද
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ පොලිස් වසමේ නර්තනගල 616C මොරහේන පොලිස් වසමේ පලන්නොරුව 604,කේරළගම 604 , කුඹුක බටහිර 607 A, කොටස ද
මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල පොලිස් වසමේ බෝහිටිය ගාම සේවා වසම ද
අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ නවමැදගම – නවමැදගම කොටස, බක්මීදෙණිය – රන්හෙළගම කොටස සේරුපිටිය – සේරුපිටිය උප කොටස ද
රත්නපුර දිස්ත්‍රික්කයේ අංගම්මන 182 C හුදකලා කර ගම්මාන අතර වන බව යුද හමුදාපත් ජනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.