25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සංචරණ නීති දැඩි නොකළොත් මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි වෛද්‍ය සංගම් හතරක් ජනපතිට ලියයි

Must read

කොවිඩ් ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

මේ වන විටත් ආසාදිතයන්ට රෝහල් ඇඳන් සහ ප්‍රතිකාර ලබාදීමේ සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවන බැවින් ඉදිරි සති තුනේ දී සහ ඉන් පසු මරණ සංඛ්‍යාවේ ඉහළ යාම් සිදුවිය හැකි බවද එම ලිපියේ සඳහන් කර ඇත.

රෝගය පැතිර යාම ක්‍ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම් ද ඉදිරියේදී බරපතළ ලෙස ඉහළ යනු ඇතැයි වෛද්‍ය සංගම් විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන්කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුවේ මහාචාර්ය තමසි මකුළොලුව මහත්ම මහත්මීන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර ඇත.

More articles

Latest article