27.6 C
Colombo
සඳුදා, අගෝස්තු 8, 2022

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 351 දෙනකු අත්ඩංගුවට

Must read

නිරෝධායනයට උල්ලංඝනය කළ පුද්ගලයන් 351 දෙනකු ගත වූ 24 පැය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අලුත් අවරුදු කොරෝනා පොකුර ආරම්භ වු දින සිට මේ දක්වා නිරෝධායන නීති අනුගමනය නොකළ හත්දහසකට අධික පිරිසකට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ද පොලසිය සඳහන් කරයි.

මෙම පිරිස අතර වැඩිම පිරිසක් වාර්තාවන්නේ මුඛ ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගමන් ගත් පිරිසක බව ද පොලිසිය සඳහන් කරයි.

කොරෝනා අවදානම පහව යන තුරු ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

More articles

Latest article