දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 11ක අද පෙරවරුවේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ගම්පහ,රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වසම් 11 හුදකලා කර ඇත.
හුදකලා කර තිබූ වසම් කීපයක් එම හුදකලා තත්ත්වයෙන් මුදා හැරිමට ද කටයුත කළ බව ද යුද හමුදාපතිවරයා කියයි.
මෙසේ හුදකලා කළ ප්‍රදේශ වන්නේ
ගම්පහ දිස්ත්‍රික්කය
දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
පාළුගහවෙල ග්‍රාම නිලධාරි කොට්ඨාශය
ගාල්ල දිස්ත්‍රික්කය
අහංගම පොලිස් බලප්‍රදේශයේ,
කරදුන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
ගෝවියපාන ග්‍රාම නිලධාරී කොට්ඨාශය
කහවන්නගම ග්‍රාම නිලධාරි නිලධාරී කොට්ඨාශය
දොම්මන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,
ලණුමෝදර ග්‍රාම නිලධාරී කොට්ඨාශය
බොනවිස්ටා ග්‍රාම නිලධාරී කොට්ඨාශය
කටුකුරැන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශය
රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,
දෙනවක පාතකඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
දිප්පිටිගල ග්‍රාම නිලධාරී කොට්ඨාශය
කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,
කුරුවිට ග්‍රාම නිලධාරී කොට්ඨාශය
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ වන්නේ
කොළඹ දිස්ත්‍රික්කය
පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,
උග්ගල්ල ග්‍රම ධාරී කොට්ඨාශය
අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය
නුවර එළිය දිස්ත්‍රික්කය
හැටන් පොලිස් බලප්‍රදේශයේ,
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස