25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

අද රාත්‍රී 11 සිට සඳුදා තෙක් කඩසාප්පු විවෘත කිරීම තහනම්

Must read

සංචරණ සීමා පනවා ඇති   අද (13) රාත්‍රී 11 සිට ලබන සඳුදා (17) අලුයම 4 දක්වා  කඩසාප්පු විවෘත කිරීම  මුළුමනින්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්ප ති අජිත් රෝහණ මහතා පැවසීය.

එම කාලය තුළ ජනතාව සිය නිවෙස් තුළටම වී රැඳිසිටිය යුතු බවත් ගමනාගමනය සඳහා කිසිවකුට කිසිදු අවසරයක් නොමැති බවත් ඔහු බවයි ඔහු ප්‍රකාශ කළේ ය.

ගමනාගමනයට අවසරය ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් වන අතර රෝගීන්ට රෝහල් වෙත ගමන් කිරීමට හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඖෂධහලට ගමන් කිරීමට හැකියාව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ෆාමසි සඳහා ඩිලිවරි සේවා පවත්වාගෙන යෑම සඳහා අවසර ලැබෙන අතර, මේ දින තුන තුළ එවැනි කටයුතු හැර වෙනත් කිසිදු කටයුත්තකට නිවසින් පිටතට යාමට අවසර නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ජාතික හැඳුනුම්පතේ අංක පිලිවෙලට පිටතට යෑමේ ක්‍රමවේදය මේ දින තුනට අදාළ නොවන අතර එය ලබන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

More articles

Latest article