25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉඩ නොදීමෙන් සෞඛ්‍ය බලධාරින් කොවිඩ් ආසාදිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා – ජාතික සංවිධාන එකමුතුව

Must read

කොවිඩ් ආසාදිතයන්ගෙන් රජයේ බටහිර රෝහල් පිරී ඉතිරී යෑමත් සමඟ ආයුර්වේද රෝහල් වලින් ඇඳන් ලබා ගත්තද එම රෝගීන්ට ආයුර්වේද වෛද්‍යය ප්‍රතිකාර ලබා දීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,”කැමැත්තකින් තොරව කොවිඩ් ආසාදිතයෙකු ආයුර්වේද රෝහලකට ඇතුලත් කළද එම රෝහලේ වෛද්‍යයවරුන් විසින් රෝගියාගේ කැමැත්ත ඇතිව දේශීය ප්‍රතිකාර ක්‍රම මගින් රෝගියාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සහ රෝග ලක්ෂණ පාලනය කිරීම දේශීය වෛද්‍යයවරුන්ගේ මෙන්ම ආසාදිතයන්ගේද අයිතියකි.

එසේම යම් රෝගියෙකු දේශීය ප්‍රතිකාර අවශ්‍යය බවට ස්වේච්ඡාවෙන් ඉල්ලීමක් කරන්නේ නම් සහ ඔහුගේ රෝගී තත්වය බරපතල මට්ටමක නොවේනම් එම රෝගියාට ආයූර්වේද රෝහලකට ඇතුළත්වීම සහ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව දිය යුතුය.එසේ නොකිරීමද  රෝගියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

එම රෝගීන්ට අධිකරණයේ පිහිට පැතීමේ හැකියාවද ඇත.ඊට අමතරව පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට නඩු වැටුනා සේ කෝවිඩ් වෛරස් වසංගතය පාලනය කර ගැනීමට නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අනාගතයේ දිනක අපරාධ නඩු නිමිත්තක් මතුවීමේ ඉඩකඩක් තිබෙන බවද අවධාරණය කළ යුතුයි. ඊට හේතුව කොවිඩ් පාලන ක්‍රමවේද තුළ බරපතල අඩුපාඩුකම් සහ සිතාගත නොහැකි මට්ටමේ දුර්වලතා තිබීම නිසා ඉන්දියාවට අත්වූ ඉරණම අපටද අත්වූ බවට සාක්ෂි ඉදිරිපත් විය හැක.”  යනුවෙනි.

More articles

Latest article