33 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

සංචරණ සීමා මැයි මස 28 දක්වා ක්‍රියාත්මකයි

Must read

මැයි මස 21 වනදා රාත්‍රී 11.00 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමා මැයි මස 28 වන දින දක්වා ක්‍රියාත්මක වන බව රජය ඊයේ(22) නිවේදනය කළේය.

කෙසේ වුවද රජය මීට පෙර තීරණය කර තිබුණේ මැයි මස 25 වනදා සහ 28 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත බවයි.

සංචරණ සීමා ඉවත් නොකළද මැයි මස 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම තිබෙන වෙළෙඳසැලට යා හැකි බව රජය නිවේදන කර සිටී.

කොවිඩ් කාර්ය සාධන බලකාය කළ නිවේදනයට අනුව සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව කියවේ.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන පුද්ගලයින් පොලිස් මාර්ග බාධක වලදි දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කෙරෙන බව ඊයේ දිනයේ ප්‍රවෘත්ති සේවා වාර්තා කර තිබුණි.

More articles

Latest article