29 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 55ක මුදලක්

Must read

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 55ක මුදලක් පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මේරිස් පෙයින් ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය කියයි.

මෙම වසංගත තත්ත්වයට මුහුණ දීම සදහා මෙරට සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග කරන බවද එම මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඕස්ට්‍රේලියාව විසින් ඉන්දීය සාගර කලාපයේ පිහිටි අසල්වැසි රටවල් වල කොවිඩ් ව්‍යවසන බලපෑම අවම කිරීමට ලබා දෙක සහන පැකේජයෙ කොටසක් ලෙස මෙම ආධාර මුදල මෙරටට ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පැවසූයේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් -19 තත්ත්වය වටහාගෙන සිටින අප ඊට සහායදීමට සූදානමින් සිටින බවය .

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 117කි. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 178 ක් වේ.

More articles

Latest article