24 C
Colombo
සඳුදා, ඔක්තෝබර් 2, 2023

බස්නාහිර පළාතෙන් පිටවන හා ඇතුළුවන අය දහවල් 12.00 සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කෙරේ

Must read

බස්නාහිර පළාතෙන් පිටවන හා ඇතුළුවන අය අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොවිඩ්-19 රෝගය පළාත් සහ ප්‍රදේශ අතර ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස අද (29) දහවල් 12.00 සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 12ක දී විවිධ පරීක්ෂාවන් සෞඛ්‍ය අංශය ශ්‍රී ලංකා පොලීසිය ඒකාබන්ධව පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

මෙම ස්ථානවල  අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සිදු කිරීමට ද නියමිත බවද ඊට ජනතා සහයෝගය ලබාදෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

More articles

Latest article