26 C
Colombo
සෙනසුරාදා, සැප්තැම්බර් 30, 2023

ලංකාවට ගෙන එන කොවිඩ්-19 එන්නත් සහ ඖෂධ ගැන සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

Must read

කොවිඩ් රෝගය මර්දනය සඳහා මෙරට ට ගෙන ඒමට බලාපොරොත්තු වන එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිනී, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (8) පාර්ලිමේන්තුවේදී තොරතුරු හෙළිකළාය.
   
කොවිඩ් එන්නත් සම්බන්ධව මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත, ස්පුට්නික් එන්නත, සිනොෆාම් එන්නත සහ භාරත් බයෝටෙක් ආයතනයේ කොවැක්සීන් එන්නත යනාදිය සඳහා ඉල්ලුම්පත් ලැබී ඇති බව ඇය පැවසුවාය.

එම ආයතන සමඟ ගිවිසුම්ගත වීමටත්, ලියාපදිංචිය ලබාගැනීමටත් ඉදිරියේදී අපේක්ෂා් කරන බවත් පවිත්‍රා වන්නිනායක මහත්මිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අවධාරණය කර සිටියාය.
 
ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 7ක් ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවීමට අපේක්ෂා කරන බවත් ඉදිරි වසර තුළ දී එම එන්නත් ලබාදීමට ෆයිසර්  ආයතනය කටයුතු කරනු ඇති බවටත් මෙහිදී ප්‍රකාශ විය. 

ඇමතිවරිය තවදුරටත් සඳහන් කළේ මොඩර්නා, ජොන්සන් සහ ජොන්සන් ආයතන සමඟ ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා සාකච්ඡා සිදුකර ඇති බවත් ඔවුන් එන්නත් ලබාදීමට එකඟවූ විට ඒ සම්බන්ධව ගිවිසුම්ගත වීමටත්, ලියාපදිංචිය ලබාගැනීමටත් අපේක්ෂා කරන බවය.

“ඇවිගන්” ඖෂධය සායනික දත්තයන්ට අනුව කොවිඩ් වසංගතය සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු බවට ඖෂධ නියමන අධිකාරියෙන් අනුමතවූ හෙයින් මෙම ඖෂධයෙන් පෙති 5,000ක් මෙරටට ලබාදීමට අදාළ නිෂ්පාදන ආයතනය විසින් භාරගන්නා ලද බවද ඇය කීවාය.

More articles

Latest article