31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

සිලෝන් බ්ලැක් ටී ලෙස සඳහන් කර රුපියල් බිලියන 9ක විදෙස් දුම්වැටි ප්‍රතිඅපනයන සැලැස්මක්

Must read

ප්‍රතිඅපනයනය කිරීමට යැයි පවසමින් මෙරටට ආනයනය කරන ලද බහාලුම් 21ක් ගැන සිදුකළ පරීක්ෂණයකදී දුම්වැටි ජාවාරමක් හෙළිකර ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීමේ පහසුකම් සැලසීමේ අංශය සමත්වී තිබේ.

ඉන් බහාලුම් 3ක් විවෘත කර ඇති අතර එහි තිබී විදේශ දුම්වැටි තොගයක් සොයාගෙන තිබුණි.

ඉතිරි බහාලුම් 18 තුළ ද දුම්වැටි ඇති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.

එම බහාලුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආනයනය කර ඇති අතර “අන්තරාල වෙළෙඳාම” යටතේ ඒවා නෙදර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය වැනි යුරෝපීය රටවලට ප්‍රතිඅපනයනයට සූදානම් කර තිබු බව වාර්තා වේ.

සාවද්‍ය නැව්භාර පත්‍රයක් සකස්කර “සිලෝන් බ්ලැක් ටී” වශයෙන් සඳහන් කර එම බහාලුම් ප්‍රති අපනයනයට කටයුතු සූදානම් කර තිබුණි.

එම බහාලුම් තුළ රුපියල් බිලියන 9කට අධික වටිනාකමකින් යුතු විදේශ දුම්වැටි මිලියන 200ක් පමණ අඩංගු බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

More articles

Latest article