28 C
Colombo
අඟහරුවාදා, නොවැම්බර් 29, 2022

ප්‍රමිතියෙන් තොර පොල් තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට නියෝගයක්

Must read

ප්‍රමිතියෙන් තොර බවට සාම්පල පරීක්ෂාවේදී අනාවරණය වූ පිරිපහදු නොකළ පොල්තෙල් තොග මෙම සතිය ඇතුළත අනිවාර්යෙන්ම ප්‍රතිඅපනය කළයුතු බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ සමාගම්වලට දැනුම් දී තිබේ.

සමාගම් 03ක් මඟින් ආනයනය කරන ලද පොල් තෙල්වල “ඇෆ්ලටොක්සින්“නැමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සාම්පල පරීක්ෂාවේදී තහවුරු විය.

ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී රවිප්‍රිය මහතා සඳහන් කළේ, එම පිරිසිදු නොකළ පොල් තෙල් බහාලුම් ගෙනුවූ සමාගම්වලට එම තොග ප්‍රතිඅපනයනය කරන ලෙස දැනුම් දුන් බවය.

ආනයනය කළ පොල් තෙල් බහාලුම් 13  “ඇෆ්ලටොක්සින්“නමැති පිළිකා කාරක අඩංගු බවට පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා පාරිම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය තොරතුරු අනාවරණය කළේය.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගේ අවධානය යොමු වූ අතර ප්‍රමිති ආයතනය සඳහන් කළේ, පිරිපහදු නොකරන ලද පොල් තෙල් නිසි ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගැනුණු බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ වන විටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකෙරේ.

More articles

Latest article