28 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් තවත් තිදෙනෙකු අත්අඩංගුවට

Must read

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

පසුගිය මැයි මස 10 වැනිදා කොල්ලුපිටිය පොලිස් වසමේ පෙරහැර මාවතේ මැටි පාර්ක් ක්‍රීඩාංගනය අසල දී එම පහරදීම සිදුවිය.

අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඊයේ (29) සවස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ වයස අවුරුදු 31, 51 හා 52 හැවිරිදි පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරයි.

More articles

Latest article